නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව මගින්. අද (08) උදෑසන ඩුබායි සිට පැමිණි එෆ් ඉසෙඩ් 548 දරණ ගුවන් යානයෙන් 33 හැවිරිදි මෙම සැකකරු දිවයිනට පැමිණ තිබෙන්නෙ.
ඔහු සතුව තිබී දුම්වැටි කාටූන් 91ක් සොයාගෙන තිබෙනවා. ගමන් මළුවල සඟවාගෙන මෙම දුම්වැටි රැගෙන ආ බවයි අප වාර්තාකරු සදහන් කළේ.