fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද වැසි පිළිබදව කාලගුණයෙන් අනතුරු ඇඟවිම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 12:31

තද වැසි පිළිබදව කාලගුණයෙන් අනතුරු ඇඟවිම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබද අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කළා.

ඒ අද (08) සිට ලබන 10 වනදා දක්වා ප‍්‍රදේශ කිහිපයක වැසි වැඩිවිම පිළිබද දැනුම් දෙමින්. බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතන කැළඹිලි ස්වභාවය හේතුවෙන් නැගෙනහිර , ඌව , උතුරු මැද , මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙනවා.

අම්පාර , මඩකලපුව , මොණරාගල සහ බදුල්ල දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 200ක පමණ ඉතා තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ති‍්‍රකුණාමලය , අනුරාධපුරය , පොලොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, නුවරඑළිය සහ මාතලේ දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් සියයත එකසිය පනහත් අතර තද වැසි ඇතිවිය හැකියි. කුරුණැගල , පුත්තලම, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවල ද මිලි මිටර් 75 ඉක්මවන වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නෙ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්