කිරිපිටි කිලෝ ග්රැම් එකක මිළ හෙට සිට රුපිය්ල 40 කින් අඩු කෙරේ
Related Articles
හෙට (09) සිට කිරිපිටි මිල අඩු කිරිමට තීරණය කර තිබෙනවා.
බදු සංශෝධන වලින් ලැබුණු සහනය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගත් බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන් සෙනවීර මහතා ප්රකාශ කළේ. ඒ අනුව කිලෝ ග්රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිළ රුපියල් හතලිහකින් අඩුවන බව සභාපතිවරයා සදහන් කළා.
මෙම තීරණය කි්රයාත්මක කිරිමට කිරිපිටි සමාගම් ද එකඟතාව පළකර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ.