උතුරු කොරියාව ඉතා වැදගත් අත්හදා බැලීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.
උතුරු කොරියාවේ චන්ද්‍රිකා අත්හදා බැලීම් සිදුකරන ප්‍රදේශයේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව සඳහන්. එය චන්ද්‍රිකාවකට බලය නිකුත් කරන එන්ජිමක් හෝ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු මාධ්‍යයට නිකුත් කර නැහැ. ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර නව සාකච්ඡා පවත්වා ඉදිරියේදී එකඟතාවන්ට එළඹීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.