fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු මදුරුවන් ස්වභාවිකවම විනාශ කළ හැකි බැක්ටීරියා විශේෂයක් ව්‍යාප්ත කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 18:57

ඩෙංගු මදුරුවන් ස්වභාවිකවම විනාශ කළ හැකි බැක්ටීරියා විශේෂයක් ව්‍යාප්ත කිරීමට පියවර

ඩෙංගු මදුරුවන් ස්වභාවිකවම විනාශ කළ හැකි බැක්ටීරියා විශේෂයක් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ ලෝක මදුරු වැඩසටහන මගින් පියවර ගෙන තිබෙනවා.

ඩෙංගු මදුරුවන් විනාශ කළ හැකි වොල්බැකියා නමැති මෙම බැක්ටීරියාව ඕස්ට්‍රේලියාවේ සිදුකළ අත්හදා බැලීම්වලදී ඉතා සාර්ථකවී තිබෙනවා. එරට මෙම බැක්ටීරියාව ව්‍යාප්ත කළ ප්‍රදේශයේ වසර අටකින් ඩෙංගු රෝගියෙකු වාර්තාවී නැති බවයි සදහන් වන්නේ.

මෙහි පළමු බැක්ටීරියා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන නුගේගොඩ ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ලබන පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහාය ඒ සදහා හිමිවනවා. ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්