ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
කෝට්ටේ රජමහා විහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවුණා. මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත සෙත් පිරිත් සඡ්ඣායනා කරමින් ආශිර්වාද පිරිනැමුවා. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් ද සිදුකළා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ද අද පස්වරුවේ පැමිණියා. ජනාධිපතිතුමා විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මේ අවස්ථාවට මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.