fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිඩ්නි නුවරට ආසන්නයේ ප‍්‍රබල ලැව් ගින්නක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 14:35

සිඩ්නි නුවරට ආසන්නයේ ප‍්‍රබල ලැව් ගින්නක්

ඔස්ටේ‍්‍රලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන සිඩ්නි නුවරට ආසන්නයේ ප‍්‍රබල ලැව්ගින්නක් පැතිරයමින් තිබෙනවා.

එය පාලනය කිරීමට ද දුෂ්කරවී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. මේ වනවිටත් හෙක්ටාර තුන් ලක්ෂයකට ආසන්න භූමි ප‍්‍රදේශයක ගින්න පැතිර ගොස් ඇති බව ද එම වාර්තා පවසනවා. අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. ගින්න හටගෙන ඇත්තේ සිඩ්නි නුවර සිට කිලෝමීටර 60 ක පමණ ඉතා සමීප දුරකින්.

ඒ හේතුවෙන් ආසන්න ප‍්‍රදේශවල ජනතාවට කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත පිටත්ව යන ලෙසයි දැනුම්දී තිබෙන්නේ. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඔස්ටේ‍්‍රලියාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් විනාශවී ඇති නිවාස සංඛ්‍යාව 700 කට අධික බව එරට මාධ්‍ය වර්තා කළා. මියගොස් ඇති පුද්ගලයන් ගණන 6 ක්.

ඉදිරි මාස කිහිපයේදී ඔස්ටේ‍්‍රලියාවේ උෂ්ණත්වය තවත් ඉහළ යාහැකි බවයි එරට කාලගුණ අංශ පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 14:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්