අධික වර්ෂාව හේතුවෙන් ප්රදේශ කිහිපයකම ජනතාව දැඩි පිඩාවට ලක්ව සිටිනවා. වව්නියාව දිස්ත්රික්කයේ පවුල් 253කට අයත් පුද්ගලයන් 763 දෙනෙකු මේ වන විට අවතැන් කදවුරුවලට යොමු කර ඇතිබවයි එම දිස්ත්රික් ලේකම් අයි එම් හනිෆා මහතා පවසන්නේ.
ඓතිහාසික සෝමාවතිය පුදබිමද ජලයෙන් යටවෙමින් පවතිනවා. පුදබිමෙ ඇතැම් ස්ථානවල අඩි 08ක් පමණ ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. ජල පහරට අසු වූ වනඅලින් ඇතුළු වන සතුන් ආරක්ෂාව සදහා විහාරස්ථානය ආසන්නයට පැමිණ ඇති අයුරු දැක ගත හැකියි.
[ot-video type=”youtube” url=”https://youtu.be/NFB3OM7WXIk”]