අනපේක්ෂිත අයුරින් සිදු වූ අනතුරකින් දිවි බේරා ගැනීමට පේරාදේණිය ප්‍රදේශයේ පදිංචි පියෙකු හා දියණියක වාසනාවන්ත වුණා.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින දියණිය ත්‍රිරෝද රථයකින් විභාග මධ්‍යස්ථානය කරා රැගෙන යන අවස්ථාවේදීයි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑමට සිදුවුණේ. ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීම සදහා නතර කර තිබියදී ඒ අසල තිබූ අඹ ගසක් කඩා වැටුණා.
ත්‍රිරෝද රථයේ සිටි දියණියට ද අවසන් මොහොතේ ඉන් පැන දිවි බේරා ගැනීමට හැකිවුණා. සුළු තුවාල ලැබූ ඇයගේ පියා මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු අතර දියණිය විභාග මධ්‍යස්ථානය කරා යොමු කිරීමට අවට සිටි පිරිස ක්‍රියා කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UTiOaZOVMWs”]