fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී‍්‍ර ලංකාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 11:52

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී‍්‍ර ලංකාවට

2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමට ශ්‍රී‍්‍ර ලංකාවේ කැරොලයින් ජූරි සමත් වුණා.

අවසන් මහා තරඟය පැවැත්වුණේ ඇමරිකාවේ ලාස්වේගාස් හිදී. මෙහි දෙවන ස්ථානය අයර්ලන්තය දිනාගත් අතර තුන්වන ස්ථානයට පත්වුණේ ඇමරිකාවේ වර්ජින් දූපත් තරඟකාරිනියයි. ශ්‍රී‍්‍ර ලංකාවේ කැරොලයින් ජූරි මුල් තරඟ වටවලදී ද විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රසාදය හිමිකර ගත්තා. ඉන් අනතුරුවයි අවසන් වටයේදී ඇය 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගෙන තිබෙන්නේ.

මෙලෙස ශ්‍රී‍්‍ර ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිව තිබෙන්නේ වසර 35 කට පසුවයි. 1984 වසරේදී ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට රෝසි සේනානායක මහත්මිය සමත් වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්