fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:17

රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පාලන කාලයේ සිදුවූ බව කියන වංචා හා දූෂණ වලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක් යොමුකර තිබෙනවා.

මෝදර ධීවර වරාය අඩු මුදලට බදුදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොණුකළ බවයි සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නිතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප‍්‍රකාශ කළේ. පසුගිය යහපාලන රජයේ වංචා දූෂණ සම්බන්ධයෙන් ටොප් ටෙන් පැමිණිලි ගොණු කිරීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා කටයුතු කළා.

එම පැමිණිලි යලි බලාත්මක කිරිම අරමුණ බවයි ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසන්නේ.

අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි භාරදීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්