fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා හමුදා කඳවුරක සිදුවූ වෙඩිතැබීම ගැන පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:14

ඇමරිකා හමුදා කඳවුරක සිදුවූ වෙඩිතැබීම ගැන පරීක්ෂණ

ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ඇමරිකා නාවික හමුදා කඳවුරක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 11 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද ආරක්ෂක අංශ වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. සැකකරු හමුදා පුහුණුව සඳහා ඇමරිකාවට ගොස් සිටි සවුදි ජාතිකයෙක් බවයි හෙලිවුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් පවත්වන ලෙස සවුදි අරාබිය ඇමරිකා බලධාරින්ගෙන් ඉල්ලීමක් කළා. පෙන්සකෝලා හි පිහිටි මෙම කඳවුරේ හමුදා සෙබලුන් දාසය දහසක් සහ සිවිල් සේවකයන් 7400 ක් සේවය කරනවා. ඇමරිකා නාවික හමුදාවට අයත් ඉතා වැදගත් කඳවුරක් ලෙසයි පෙන්සකෝලා නාවික කඳවුර සැලකෙන්නේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්