fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා යොවුන් පිල පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 11:08

ශ්‍රී ලංකා යොවුන් පිල පිටත්ව යයි

වීසා ගැටලුවක් හේතුවෙන් ප්‍රමාද වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ බටහිර  ඉන්දිය කොදෙව් තරග සංචාරයේ නවතම තරග කාල සටහන සහ ශ්‍රී ලංකා සංචිතය ඊයේ (06) ප්‍රකාශයට පත් කෙරුණා. දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 15 දෙනෙකු ඇතුලත්. මීට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගි වීමට පසුගිය 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ක්‍රිඩකයින් හත් දෙනෙකු සදහා වීසා  නොලැබිම හේතුවෙන් සංචාරය තාවකාලිකව කල් දැමුණා. තරගය සදහා එක්වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) දිනයේදී දිවයිනෙන් පිටත් වුණා.  ඔවුන් සහභාගිවන පළමු තරගය එළඹෙන 10 වනදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 11:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්