fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති කොමිසමට අද රහසිගත සාක්ෂි ලබාදෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:09

කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති කොමිසමට අද රහසිගත සාක්ෂි ලබාදෙයි

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අදත් (07) සාක්ෂිදීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව උදෑසන කාදිනල් හිමිපාණන්ගෙන් රහසිගතව ප‍්‍රකාශ සටහන් කරගන්නා බවයි ජනාධිපති නීතීඥ චමත් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පළමු වරට ඊයේ (06) දහවල් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සිදුකළා. පැය 4 ක පමණ කාලයක් උන්වහන්සේ ප‍්‍රකාශ ලබාදී තිබෙනවා. මීටපෙර කාදිනල් හිමිපාණන් කළ දැනුම්දීමකට අනුවයි සාක්ෂි ලබාදීම සිදුවන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්