fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ මුදලින් ලබන වසරට දින පොත්, දින දර්ශන මුද්‍රනය නොකරන්නැයි චක‍්‍රලේඛයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:01

රජයේ මුදලින් ලබන වසරට දින පොත්,  දින දර්ශන මුද්‍රනය නොකරන්නැයි චක‍්‍රලේඛයක්

ඒකාබද්ධ අරමුදලෙන් හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රනය නොකරන ලෙස රජය සියලු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

මහා භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතාගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප‍්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත චක‍්‍රලේඛයක් නිකුත් කළා.

ඒ අනුව ජනතාවට මෑත කාලීනව ලබාදුන් බදු සහන හමුවේ අත්‍යාවශ්‍ය නොවන බව ප‍්‍රමුඛතාවෙන් අඩු වියදම් කපාහරින ලෙසටයි චක‍්‍රලේඛයෙන් දැනුම්දී තිබෙන්නේ. වාහන, ගමන්බිමන්, ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ද ඊට ඇතුලත්. නව වාහන මිලදී ගැනීම්, කාර්යාල උපකරණ මිලදී ගැනීම් සහ ගොඩනැගිලි කුලියට ගැනීම කිසිදු අයුරකින් සිදුනොකළ යුතු බව ද මහා භාණ්ඩාගාරය නිකුත් කළ චක‍්‍රලේඛයේ සඳහන් වනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්