fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරට පෙළපොත් ලබාදීම 95% කින් අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 09:53

ලබන වසරට පෙළපොත් ලබාදීම 95% කින් අවසන්

ලබන වසර සඳහා පෙළපොත් ලබාදීමේ කටයුතු  95% කින් පමණ අවසන් බව අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික‍්‍රමනායක මහතා ප‍්‍රකාශ කළා.

නව වාරය ආරම්භ කරන පළමු දවසේම පාසල් ශිෂ්‍යයන්ට පෙළපොත් ලබාදීම අරමුණ බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වාදෙන්නේ.

මෙතෙක් පාසල් වලට ලබාදී ඇති පෙළපොත් සම්බන්ධයෙන් යම් හිඟයක් පවතින්නේ නම් 0112 78 48 15 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි ජයන්ත වික‍්‍රමනායක මහතා ප‍්‍රකාශ කළේ. සෑම පළාතකම තෝරාගත් එක් මධ්‍යස්ථානයක පෙළපොත් සංචිතයක් පවත්වාගෙන යෑමට ද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්