fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා සේවයට ස්ථාවර රජයක් අවශ්‍ය බව මල්වතු අස්ගිරි මහානාහිමිවරු පෙන්වා දෙති

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 19:04

ජනතා සේවයට ස්ථාවර රජයක් අවශ්‍ය බව මල්වතු අස්ගිරි මහානාහිමිවරු පෙන්වා දෙති

ජනතාවට සේවය කිරිමට ස්ථාවර රජයක් අවශ්‍ය බව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් පෙන්වා දෙනවා.

ජනතාව වත්මන් ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් ස්ථාවර රජයක් බිහිකර එම විශ්වාසය යළි තහවුරු කළ යුතු බවයි මහානායක ස්වාමීන් වහන්සේ අවධාරණය කළේ.

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන් වහන්සේ මේ අදහස් පළකළා. දලදා වහන්සේ වැදපුදා ගත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුලින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රි සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක තිබෙනවා.

ඉන් අනතුරුවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් එහි මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන ස්වාමින් වහන්සේ බැහැදැක තිබෙන්නේ.

අස්ගිරි මහාවිහාර ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්