fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල නලයක් පිපිරිමෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 17:28

ජල නලයක් පිපිරිමෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

ලබුගම සිට කොළඹට ජලය ගෙන එන ප‍්‍රධාන නලයක ජල කාන්දුවක් සිදුව තිබෙනවා. ඒ කොටිකාවත්ත ප‍්‍රදේශයේදී.

මේ නිසා කොළඹ අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප‍්‍රදේශයෙන් වසා දමා ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළා. ජල නළය යථාතත්වයට පත්කිරිමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.

ජල නලයේ ඇතිවූ පිපිරිමත් සමග කොළඹ 10 සහ කොළඹ 12 ප‍්‍රදේශවලට හෙට (07)  උදෑසන අට දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. කොළඹ 11 සහ කොළඹ 13 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්