සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් බිලියන 10ක ආදායමක් ඉපයීම අරමුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. 2025 වසර වන විට මිලියන 10කට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම ද අපේක්ෂාව බවයි ඒ මහතා පවසන්නේ.
සංචාරක අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සත්කාරක සේවා පුහුණු පාඨමාලාව හැදෑරූ පුහුණුලාභීන් කණ්ඩායමක් වෙත සහතික පත්‍ර බෙදාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකදීයි. පසුගිය වර්ෂවලට සාපේක්ෂව 2019 වර්ෂයේ දී පුහුණුලාභීන් 2250ක් ලෙස උපරිම සිසුන් සංඛ්‍යාවක් වෙත පුහුණුව ලබාදීමට හැකිවීම ද විශේෂත්වයක්.
මෙම පුහුණු කටයුතු මධ්‍යස්ථාන 44කදී ක්‍රියාවට නැංවුණා. එක් පුහුණුලාභියෙකු වෙනුවෙන් රජය දැරූ මුදල රුපියල් පහලොස් දහසක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/nl_PiGi_LXU”]