fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාම වැටුප් නීති ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 15:42

විශ්‍රාම වැටුප් නීති ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

විශ්‍රාම වැටුප් නීති ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර කම්කරුවන් රැසක් විරෝධතාවල නිරතවනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සිදුකර ඇති විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ හේතුවෙනුයි ඔවුන් එම විරෝධතාව දක්වන්නේ. ලක්ෂ අටකට අධික පිරිසක් උද්ඝෝෂණවල නිරතවුණා. නගර රැසක සිදුවූ ප්‍රචණ්ඩකාරී ගැටුම් මැඩ පැවැත්වීමට එරට ආරක්ෂක අංශ කදුලුගෑස් ප්‍රහාර ද එල්ලකළා.

උද්ඝෝෂණ හේතුවෙන් එරට ගමනාගමන කටයුතු අඩාල වී ඇති අතර ප්‍රදේශ කිහිපයක පාසල් ද වසා දමා තිබෙනවා.  කලහකාරී ලෙස හැසිරුණු 71 දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 15:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්