fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිඑස් ත‍්‍රස්තවාදීන් සිය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පන්ජාබ් මහ ඇමති කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 15:15

අයිඑස් ත‍්‍රස්තවාදීන් සිය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පන්ජාබ් මහ ඇමති කියයි

අයිඑස් සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඉන්දියාවේ පංජාබ් ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ අත්අඩංගුවට ගත් එම පිරිස වෙනුවෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට පංජාබ් පොලීසිය කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කළේ. විනාශ කිරීමට හැකිවී ඇති ත‍්‍රස්ත කඳවුරු සංඛ්‍යාව 28 ක්. පන්ජාබ් ප‍්‍රාන්තය අස්ථාවර කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්