උතුර, නැගෙනහිර, උතුරුමැද , ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් දිස්ත්‍රික්වලට මිලිමීටර් 150 ත් 200 ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/dPFDOXOj6AI”]
අධික වර්ෂාවත් සමග කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ජල ගැලීම් සිදුවුණා. ඒ හේතුවෙන් සාමාන්‍යපෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට නොහැකි තත්ත්වයකුයි උදාවුණේ. එම සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුද හමුදාව කටයුතු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ou5LQOjj2Dw”]
ඌව පරණගම, ගලහගම අලුත් වත්ත ප්‍රදේශයේ නිවාස 21 පුද්ගලයින් 104 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඔවුන් අලුත්වත්ත මුස්ලිම් පල්ලියේ ස්ථාපනය කර ඇති සුබසාධක කදවුරු වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඔවුන් සදහා අවශ්‍ය ආහාර ඇතුළු සෙසු පහසුකම් ලබා දීමට ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා.
මේ අතර රත්නපුර, නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්වලට නිකුත් කර ඇති නායයාමේ අවදානම තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ. ඒ පිළිබද සැලකිලිමත් වන ලෙස ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
[ot-video type=”youtube” url=”https://youtu.be/2TNQCsvpYro”]