යාන් ඔය පිටාර ගැලීමෙන් ප්රදේශ කිහිපයකට බලපෑම්
Related Articles
යාන් ඔය පිටාර ගැලීමෙන් කහටගස්දිගිලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
කෝන්වැව දෙමටවැව මාර්ගයේ ගමනා ගමන කටයුතු මුළුමණින්ම ඇණහිට ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. ග්රාම නිලධාරී වසම් 6 ක පුද්ගලයන් 2350 ක් අපහසුතාවට පත්ව සිටිනවා. ප්රදේශයේ වැව් තුනක් කැඩීයාමේ අවදානමකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
යුධ හමුදාවේ සහය ඇතිව වැව් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා. ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා යුධ හමුදාව සහ නාවික හමුදාව සූදානමින් තබන ලෙස පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතා උපදෙස්දී ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.