ශ්‍රීපාදස්ථානය පූජා භූමියක් ලෙස නම්කිරීමේ සන්නස්පත්‍රය පිළිගැන්වීම ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා.
ශ්‍රී පාදස්ථානය පූජාභූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ වෙත එම සන්නස් පත්‍රය පිළිගැන්වුවා.
අනතුරුව සබරගමුව මහසමන් දේවාලය වෙත ගිය සිරිසේන මහතා සමන් දෙවිදුගේ ආශිර්වාදය ලබා ගත්තා.
මහ සමන් දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය ද එහිදී පිළිගැන්වුවා. ඒ එහි බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා වෙතයි.