fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද වැසි තවදුරටත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 11:02

තද වැසි තවදුරටත්

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.

මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-60 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්