ජීවන වියදම් කමිටුව රැස් වී සහල් ගැටලුවට විසදුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.
නාඩු සහ සුදු කැකුළු සහල්වල යම් හිඟයක් පවතිනවා. ඒ හේතුවෙන් එම සහල්වල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් වෙළෙඳුන් හිතුමතේ සහල් මිල ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රමාණවත් තරම් සහල් තොග වෙළෙදපොළට නොපැමිණීම හේතුවෙන් මිළ ඉහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස දිවයින පුරා වී අලෙවි මණ්ඩල ගබඩාවල පවතින වී තොග සහල් කිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණා. එම සහල් තොග වෙළෙඳපොළට පැමිණෙන විට සහල් මිල අඩුවනු ඇති බවයි නිලධාරීන් පවසන්නේ.