13 වන දකුණු ආසියා ක්රිඩා උළලේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත්ව තිබෙනවා. ඒ සමගම දකුණු ආසියා ක්රීඩා උළෙලේ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාෂන.
මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදකක්ම හිමිකර ගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වුණා. ඒ සදහා ගත වූ කාලය තත්ත්පර 13 දශම හයයි අටයි. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඉරේෂාණි රණසිංහයි. ඒ සදහා ඇය ගත කළ කාලය තත්ත්පර 14 දශම එකයි අටයි. මේ අතර මීටර් 110 කඩුළු අතර දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ඔෂාන් ධම්මික සමත්වුණා.
එමෙන්ම පිරිමි මීටර් 400 ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශන දිනාගත් අතර ලක්මාල් ප්රියන්ත එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තා. මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමටද ශ්රී ලංකාව සමත්වුණා. ඒ දිල්ෂි කුමාරසිංහ එම ඉසව්වෙන් ජය ගැනීමත් සමගයි.
තුන්පිම්ම කාන්තා ඉසව්වේ රන් පදකක්ම හෂිනි පබෝදා දිනාගත් අතර එම ඉසව්වේ රිදී පදක්කම විදූෂා ලක්ෂාණි හිමිකර ගත්තා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BPVFh4RqRTI”]