දුම්වැටි සඳහා වන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම මස පළමුවනදා සිට ක්රියාත්මක වන පරිදි දුම්වැටියේ දිග අනුව රුපියල් 1යි ශත 60 සිට රුපියල් 6යි ශත 15ව දක්වා එම බදු ඉහළ නැංවෙනවා. මහා භාණ්ඩාගාරය සුරාබදු නීතිය යටතේ මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රජය දුම්වැටි බදු ඉහළ නංවා ඇත්තේ වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අඩු කිරීමට සමානුපාතිකවයි. කෙසේ වෙතත් දුම්වැටිවල මිල ඉහළ නැංවීමක් සිදු නොවන බව ලංකා දුම්කොළ සමාගම පවසනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමටත්, ජාතිය ගොඩනැගීමේ බද්ද දේශීය භාන්ඩ සඳහා ඉවත් කිරීමටත් රජය පසුගියදා පියවර ගත්තා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2TFlCK-60iY&feature=youtu.be”]