fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත සිඩ්නි නුවරදී 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:47

ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත සිඩ්නි නුවරදී 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්තවාදී චෝදනා තුනක් මතයි මෙම තරුණයා එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොහු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජකයකු වන අතර අන්තවාදී ප්‍රකාශ සිදු කරමින් අන්තර්ජාලයේ පළ කිරීම සහ ඕස්ට්‍රේලියානු තරුණයන් දෙදෙනෙකු රැඩිකල් පුද්ගලයන් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.  සුප්‍රකට ලන්ඩන් බ්‍රිජ් පාලම මත කලු සිකුරාදා දිනයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සිය අනුගාමිකයකු විසින් සිදු කළ බවට අයිඑස් සංවිධානය පසුගියදා ප්‍රකාශ කළා. එම සිදුවීම සිදු වී දින දෙකකට පසුවයි  මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්