fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුරගමන් සේවා බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට විවේකාගාර පද්ධතියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:11

දුරගමන් සේවා බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට විවේකාගාර පද්ධතියක්

දුරගමන් සේවා බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට විවේක ගැනීම සඳහා විවේකාගාර පද්ධතියක් ස්ථාපනය කිරීමට මගී ප්‍රවාහන කළමණකාරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොළඹින් බැහැර ප්‍රදේශවල බරපතල අනතුරුවලට මූලික හේතුවක් වන්නේ පෞද්ගලික හා ලංගම රියදුරන් අධික ලෙස වෙහෙසට පත්වීම ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි ඔවුන් සඳහා විවේකාගාර ඉදිරිකිරීමට තීරණය කර ඇත්තේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයී තීරණයට එළඹුණේ.  ජාතික ප්‍රවාහන කොමිසමේ නිලධාරීන් සමඟ එම සාකච්ඡාව පැවැත්වුණා. නියාමන ව්‍යාපෘතියක් ලෙස කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පල පරිශ්‍රයේ  මෙම විවේකාර පද්ධතිය ඉදිකිරීමට නියමිතයි. එහි ඉදිකිරීම් ලබන මාසය තුළ අවසන් කිරීම අපේක්ෂාවයි. මේ අතර බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ ගාල ප්‍රවාහන කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමටද යෝජනා වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්