අභාවප්‍රාප්ත රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (08) ගොඩකවෙල දී සිදු කෙරෙනවා.
සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියා. දේහය ඊයේ (04) රාත්‍රි 9.00 ට පමණ කටුනායකට රැගෙන විත් තිබෙනවා. 1962 වසරේදී ගොඩකවෙල ඇල්පිටිය ප්‍රදේශයේ උපන් රංජිත් සොයිසා මහතා ඇල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලේ අදි සිසුවෙක්.
අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සබාපතිවරයා ලෙස ඔහු 1997 වසරේදී කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසෙනවා. පාර්ලිමේන්තුවට පළමුවරට තේරී පත්වන්නේ 2010 වසරේදී. 2015 මහ මතිවරණයෙන් ද වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.