fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උදය ගම්මන්පිල මහතාගේ චෝදනාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:23

උදය ගම්මන්පිල මහතාගේ චෝදනාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්  එල්ල කළ චෝදනා පිලිබද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සංහිදියාව, ස්ථායීතාව හා නීතියේ ස්වාධිපත්‍ය සුරැකීම සඳහා ද්විත්ව රාජ්‍ය සංකල්පයක් වෙනුවෙන් සයිප්‍රසය, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග රටවලට තම සහාය අඛණ්ඩව ලබා දෙන බව කොන්සවේටිව් පක්ෂය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර තිබෙනවා. බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත මේ පිලිබද බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂ සම සභාපති ජේම්ස් ක්ලෙවර්ලි මහතා දැනුවත් කළ බවයි. නොවැම්බර් 27 වනදා ඒ පිලිබදව මහකොමසාරිස්වරිය වන මනීෂා ගුණසේකරගේ අත්සනින් යුතුව ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපියට අනුව ශ්‍රී ලංකාව ද්විත්ව රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා බවත් බ්‍රිතාන්‍ය පක්ෂ සාමය සහ සංහිදියාව අගය කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඇය දක්වා තිබෙනවා. මෙම ලිපියට කොන්සවේටිව් පක්ෂ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලී පිළිතුරු ලබා දෙමින් කියා ඇත්තේ තම පක්ෂය ද්විත්ව රාජ්‍ය සංකල්පය ලෙස දක්වා . ඇත්තේ මැද පෙරදිග, ඊශ්‍රායල, පලස්තීන රාජ්‍යයන් සදහා පමණක් බවයි. එය ශ්‍රී ලංකාවට හා සයිප්‍රසයට අදාළ නොවන තත්වයක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ බව ඔහු ට්විටර් පණිවුඩයකින්ද ඊයේ දිනයේදී ප්‍රකාශ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්