fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසු ගැටළු සෙවීමට ඇමති බන්දුල සිසුන් අතරට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:12

සිසු ගැටළු සෙවීමට ඇමති බන්දුල සිසුන් අතරට

සිසු ගැටළු පිලිබද සොයා බැලීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හදිසියේම සිසුන් අතරට පැමිණියා. කිසිවෙකුටත් නොදන්වා  ආරක්ෂක නිලධාරීන්ද නොමැතිවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතන  සිසුන් අතරට පැමිණියේ.

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ගැටළු කිහිපයක් පවතින බවට තොරතුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත  ලැබී තිබුණා. එම ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණෙනුයි අමාත්‍යවරයා එම විද්‍යායතනයට හදිසියේම පැමිණියේ.  එහි සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිසුන්ට පවතින ගැටළු පිලිබදවද ඔවුන් සමග සාකච්ඡා කළා. සිසු ගැටළු ඇතුළු ආයතනයේ පවත්නා සියලු ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්