කතානායකගෙන් මහ නාහිමිවරුන් කළ ඉල්ලීම
Related Articles
එක්සත් ජාතික පක්ෂය තුළ සමගිය, එකමුතුව හා විනය ඇති කිරීමට දායක වන ලෙස සියම් නිකායේ මහ නාහිමියන් හා අනුනායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
මල්වතු මහා විහාරය වෙත පැමිණි කතානායක කරූ ජයසූරිය මහතා එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධර්ම ස්වාමීන් වහන්සේ ද බැහැ දැක සාකච්ඡාවක නිරත වූ කතානායකවරයා ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණියා. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට කතානායකවරයා කටයුතු කළා.