fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙතෙක් ලබා නොදුන් පෙළ පොත් නව පාසල් වාරයේ පළමු දිනම

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 17:45

මෙතෙක් ලබා නොදුන් පෙළ පොත් නව පාසල් වාරයේ පළමු දිනම

ලබන වසර සඳහා මෙතෙක් ලබා නොදුන් පෙළ පොත් නව පාසල් වාරයේ පළමු දිනම ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත් සිසුන් එක්දහස් පන්සියයකට වැඩි සියලු පාසල් වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කර තිබෙනවා. අනෙක් සියලු පාසල් සඳහා අදාළ පෙළ පොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා පර්ෂද පාසල් මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඇතැම් පාසල් තවමත් අදාළ පෙළපොත් ලබා ගැනීමට කටයුතු කර නොමැති බව හෙළිවී තිබෙනවා. එම පෙළපොත් අදාළ මධ්‍යස්ථානවලින් භාරගෙන ලබන වසරේ පළමු පාසල් දිනයේදීම සිසුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. පෙළ පොත් ඌණතා පිළිබඳ 0112 784 815 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්