වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති ආයතන රැසක් යළි නගාසිටුවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. සිය තනතුරේ රාජකාරි අරඹමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේ සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර/ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=B6pjBzWaCpU&feature=youtu.be”]