2020 ඇමෙරිකා ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂිකාවක වූ කමලා හැරිස් මැතිවරණ සටනෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඉවත්වීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කමලා හැරිස් පවසන්නේ ජනාධිපති අපේක්ෂකත්ව සටන මෙහෙයවීම සදහා තමාට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් නොමැති බවයි. මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටි එකම සුළු ජාතික සම්භවයක් ඇති අපේක්ෂිකාව ද ඇයයි.
කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමෙරිකා සෙනට් සභාවට ඇය තේරී පත් වුණා. 55 හැවිරිදි කමලා හැරිස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සරණාගතයින් සම්බන්ධ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ අයෙකු ලෙසයි සැළකෙන්නේ.