කොලොම්බියා විරෝධතා කරුවන් තවත් උද්ඝෝෂණ මාලාවක් සැලසුම් කර තිබෙනවා.
තුන්වන ජාතික උද්ඝෝෂණ ව්‍යාපාරයට සුදානම් බවයි ඔවුන් සදහන් කළේ. කොලොම්බියා ජාතිකයන්ගෙන් සියයට 55 කගේ සහාය ඊට ලැබී ඇති බව විදෙස් ප්රවෘත්ති වාර්තා ප්‍රකාශ කළා. කොලොම්බියා රජය සහ විරෝධතා සංවිධායකයන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.
එහෙත් කිසිදු එකඟතාවකට එළඹ නැහැ.