තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ඒ පුත්තලම පාලවිය උලුක්කපල්ලම ප්‍රදේ්ශයේදී. ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 750 ක් සොයාගෙන තිබෙනවා. නිවසේ සඟවා තිබු යතුරුපැදියක් තුළ තිබි තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට පත්වුනේ එම ප්‍රදේශයේම පදිංචි තුන් දෙනෙක්.