fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර 45යි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 12:02

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර 45යි

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට වසර 45 ක් ගතවනවා.

1974 වසරේ දෙසැම්බර් 4 වනදා ඕලන්ද රාජ්‍යයට අයත් මාටින් එයාර් ඩීසී එයිට් ගුවන් යානය මක්කම බලා පියාසර කරමින් තිබුණා. ඒ  වන්දනාකරුවන් එකසිය අසූ දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු රැගෙනයි. එම ගුවන් යානය ආගරපතන නෝර්වුඩ් කාසල්රී ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී නෝර්ටන් බ්‍රිජ් සප්ත කන්‍යා කන්දේ ගැටීමෙන් මෙම බිහිසුනු අනතුර සිදුවුණේ එදින රාත්‍රී දහයට පමණයි. එම අනතුරෙන් ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන්ගේ සිරුරු මිහිදන් කෙරුණේ සප්ත කන්‍යා කදු පාමුල ප්‍රදේශයේයි. එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇයගේ පෙම්වතා පැමිණ ඉන්දුනීසියාවට රැගෙන ගිය බව පැවසෙනවා. අනතුරට පත් ගුවන් යානයේ රෝදයක් දැනට නෝර්ටන් බ්‍රිජ් පොලීසිය ඉදිරිපිට සිහිවටනයක් සේ තබා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්