වලපනේ නායයාමට හේතුවූ බව සැලකෙන ගල්කොරියේ බලපත්රය අහෝසි කළ බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සදහන් කලා.
නායයාමෙන් අතුරුදන්වූ දරුවාගේ සිරුර සොයා දින තුනක් මෙහෙයුම් සිදුකර තිබෙනවා. එහෙත් වර්ෂාව හේතුවෙන් ඊට බලපෑම් එල්ල වුණා. මෙහෙයුම් නතර කරන ලෙසට දරුවාගේ ඥාතීන් ලිඛිත එකඟතාවක් ලබාදී ඇති බවත්, දිස්ත්රික් ලේකම්වරයා සදහන් කළා.