නීතිවිරෝධීව පතල් කැනීම් කළ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය වැටලීම් සිදු කළේ කුරුවිට පොලිස් වසමේ පැරඩයිස් විජේරාම ආශ්රිත ප්රදේශයක. ඔවුන් සතුව තිබූ උපකරණ තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. පුද්ගලයින් පස් දෙනා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.