ඉරාක දේශපාලන පක්ෂවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ, ඉදිරියේදී ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ තීරණය කිරීමට. රජයට එරෙහි උද්ඝෝෂණ හේතුවෙන් ගැටලු රැසක් හටගත්තා. ඒවාට විසඳුම් ලබාදීම සඳහා ධුරයෙන් ඉවත් වන බවයි අග්‍රාමාත්‍ය අඩෙල් අබ්දුල් සඳහන් කළේ. එය පිළිගන්නා බව ඉරාක පාර්ලිමේන්තුව දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත්, ජනතා විරෝධතා සඳහා පිළිතුරු ලබාදීමයි නියෝජිතයන්ගේ මූලික අරමුණ වී තිබෙන්නේ. ඇති වූ ගැටුම හේතුවෙන් පුද්ගලයන් 430 දෙනෙක් මියගියා. දහස් සංඛ්‍යාත පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා. කඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එරට දේශපාලන පක්ෂ සඳහන් කළා.