ඉන්දුනීසියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් මේ වසරේ විනාශ වූ භූමි ප්රමාණය හෙක්ටයාර මිලියන 1 .6 ක් බවට ගණන් බලා තිබෙනවා.
ඉන්දුනීසියාවේ සිදු වූ ලැව්ගිනි හේතුවෙන් අග්නිදිග ආසියාතික රටවල් රැසක වායු දූෂණයෙන් ජනතාව පීඩාවට පත්වුණා. මෙම වසරේ ඇති වූ ලැව්ගිනි තත්ත්වය 2015 වසරෙන් පසු බලපෑ දරුණුතම තත්ත්වයයි. චන්ද්රිකා දත්ත මඟින් තහවුරු කෙරෙන මෙම තොරතුරු මඟින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ ලැව්ගිනිවලින් 3%ක්ම ආරම්භ වී ඇත්තේ ෆාම් ශාකය වගා කිරීම හේතුවෙන් බවයි. ඉන්දුනීසියාවේ ප්රාන්ත 7 ක තිබූ හෙක්ටයාර මිලියන 1.6 ක භූමි ප්රදේශයක් මෙසේ ගිනි ගෙන විනාශයට පත්ව ඇති බව සඳහන්.