fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 16:14

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක්

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දිම මග හරිමින් සිටින කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවකට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.

තමන් බලහත්කාරයෙන් රදවාගෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පිළිබද තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව පවසමින් මෙම සේවිකාව චෝදනා කර තිබුණා. ඒ අනුව සිද්ධිය පිළිබද වහාම විධිමත් පරික්‍ෂණයක් පැවැත්වීමටයි ශ්‍රී ලංකා රජය කටයුතු කළේ. එම පරික්‍ෂණ කටයුතු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණා. එහෙත් චෝදනාවට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළ ද ඇය ඊට ඉදිරිපත් වූයේ නැහැ.

පරික්‍ෂණවලට සහාය වන්නැයි විදේශ ලේකම්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ද ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවී ඉල්ලීමක් කළා. එහෙත් අදාළ සේවිකාව තවමත් ප්‍රකාශයක් ලබා දිමට ඉදිරිපත් නොවීම තුළ ඇය විදේශ ගතවුවහොත් එය විමර්ශනවලට බාධාවක් බවයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව ඇය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තෙක් ලබන මස 9 වනදා දක්වා විදේශගත වීම තහනම් කරමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ.

මේ අතර මෙම සේවිකාව ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ඉල්ලා සිටිමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අභියසදී පැවැත්වූ උපවාසය ඊයේ (02) රාත්‍රියේ අවසන් කෙරුණා. ඒ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ හා විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්