මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් ක්වාලාලම්පුර් මහාධිකරණයට පැමිණියා.
ඒ ඔහුට එරෙහිව විභාගවන වංචා නඩුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා. ඩොලර් මිලියන 10 ක් නීතිවිරෝධිව ලබාගත් බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. හිටපු අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, එම කාලය තුළ මෙම ගණුදෙනු සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.