මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මෙක්සිකෝ පොලිසිය අතර ගැටුම් උග්‍රවී ඇති බව එරට වාර්තා පවසනවා.
ගැටුම්වලින් පසුගිය පලමුවනදා පමණක් 127 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඒ 1997 වසරට පසුව දේශියව සිදුවූ ගැටුම්වලින් එක් දිනක් තුළ මියගිය වැඩිම පිරිස සටහන් කරමින්.
මෙක්සිකෝ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සදහා ගෙනයන උපායමාර්ග පිලිබදව ද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.