fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලග කෝප් කමිටුව තෙක් මහ බැංකු බැදුම්කරය පිලිබද වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමේ තීරණයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 13:56

මිලග කෝප් කමිටුව තෙක් මහ බැංකු බැදුම්කරය පිලිබද වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමේ තීරණයක්

මීලග කොප් කමිටුව පත්කරන තෙක් මහ බැංකු බැදුම්කර සිද්ධිය පිලිබද වෝහාරික විගණන වාර්තා රහස්‍ය වාර්තාවක් ලෙස කෝප්කමිටු ලේකම් කාර්යාලයේ තැබීමට තීරණය කර තිබෙනවා.

වෝහාරික ගිණුම් පිලිබද වාර්තා පහක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදක දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒවා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත්, නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිතුමා ලබාදී ඇති උපදෙස් අනුව එම වාර්තා රහස්‍ය ලෙස තබාගත යුතු බවටත්, කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ඒ අනුව මීලග කෝප් කමිටුව ස්ථාපනය කළ පසු එහි සාමාජිකයන්ගේ අනුමැතිය මත ඒ පිලිබද පියවර ගන්නා ලෙස කෝප් කමිටු ලේකම් කාර්යාලයට උපදෙස් දුන් බවයි සුනිල් හදුන්නෙත්ති මහතා ප‍්‍රකාශ කළේ.

2002 වසරේ සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ මහ බැංකු ගණුදෙනු සිදුව ඇති ආකාරය පිලිබදව මෙම වෝහාරික විගණනයේදී අවධානය යොමුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්