fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් හමු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:29

රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් හමු වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවා. අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලය තුළ මහාසංඝ රත්නය ලබා දුන් සහයෝගය පිලිබද ඒ මහතා මෙහිදී කෘතඥතාව පල කළා.

මල්වතු මහාවිහාරය වෙත ගිය රනිල් වික්‍රමසිංහ මහතා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. ඒ මහතා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදුටුවේ ඉන් පසුවයි. රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්