fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සද මතුපිට ගැටුණු ඉන්දිය වික‍්‍රම් යානයේ සුන්බුන් පිලිබද තොරතුරු හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 11:46

සද මතුපිට ගැටුණු ඉන්දිය වික‍්‍රම් යානයේ සුන්බුන් පිලිබද තොරතුරු හෙළිවෙයි

සද මතුපිට ගැටුණු ඉන්දීය වික‍්‍රම් යානයේ සුන්බුන් පිලිබද තොරතුරු හෙළිවුණා. ඒ නාසා ආයතනයේ චන්ද්‍රිකාවක් මතින් නිකුත් කළ ඡායාරූපවලින්.

ඔවුන් ඝට්ටණය සිදුවූ මතුපිට ඡායාරූප නිකුත් කර තිබෙනවා. ඉන්දියාව චන්ද්‍රයාන් දෙක වැඩසටහන ක‍්‍රියාත්මක කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. එය චන්ද්‍රයා මතුපිටට ලගාවීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 7 වනදා. එභෙත් ගොඩබෑමට ආසන්නවීමේදී එහි සම්බන්ධතා බිදවැටි තිබෙනවා. ඉන් අනතුරුවයි රෝවරය පිලිබදව විමර්ෂණ ආරම්භ වුණේ.

චන්ද්‍රයාගේ මෙතෙක් ගවේෂණය නොකළ ප‍්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ඉන්දියාව චන්ද්‍රයාන් දෙක වැඩසටහන ආරම්භ කළා. මේවන විට සද ගවේෂණ වැඩසටහන් සාර්ථක කරගෙන තිබෙන්නේ රටවල් තුනක් පමණයි. ඒ ඇමරිකාව , රුසියාව හා චීනය.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්